
යාපනයේ ඌර්කාවතුරේ හන්දිය අසලදී පොලිස් නිලධාරියෙකු ගමන් කළ යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටී වීසි වී ගොස් බැකෝ යන්ත්‍රයක ගැටීම නිසා පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ තෙලිප්පලෙයි පොලීසියේ සේවය කළ පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචි එස්.කන්නසාන්
නැමති පොලිස් නිලධාරිවරයෙක්.
මියගිය පොලිස් නිලධාරියා සිය යතුරු පැදියෙන් අරාලි හන්දිය දෙසට යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී තිබෙනවා.

මේ යතුරු පැදි දෙක ගැටීමෙන් පසුව පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් පාරේ ගමන් කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක ගැටීමෙන්
පසුව ඊට යට වී පොලිස් නිලධාරියා මියගොස් තිබෙනවා.
අනෙක් යතුරු පැදිකරුද මේ අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා ඌර්කාවතුරේ රෝහලට ඇතුළත් කිරීමෙන්
පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඌර්කාවතුරේ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් බැකෝ යන්ත්‍රයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.







