කොක්ඹබේ රක්ෂිත ප්‍රදේශයෙන් ඊයේ (14) අලුයම කාලයෙදී ගම් වදින අලි රැහැනක් අතුරින් එක් පැටියෙකු පඬරැල්ලෑව පිරිවෙන් විහාරස්ථානයේ භූමියට පැමිණ ඇති අතර විහාරස්ථාන භූමියේ පවතින අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි තිබෙනවා.

උදෑසන කාලයේ ලිඳට වැටී සිටි ඇත්තටියා දුටු විහාරස්ථ ස්වාමීන් වහන්සේ නමක විසින්, ඒ පිළිබඳව , කහටගස්දිගිලිය අඩවී වනජීවී නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කලා.

වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් , ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කුඩා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඇත්පැටියා ගොඩට ගැනීමට කටයුතු කර තිබෙනවා.

වයස අවුරුදු පහක් පමණ වන ඇත් පැටියෙකු බව කහටගස්දිගිලිය වනජීවී නිලධාරීන් පවසා සිටියා.

මෙම ඇත් පැටවා කොක්ඹබේ රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කලා අතර මෙම ඇත් පැටවා තම රංචුවට එකතු වන්නේ ද යන්න සොයා බැලීමට කටයුතු කරන බව වන ජීවි නිලධාරින් පවසා සිටියා.

source :- https://tinyurl.com/msyfsm2e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here