එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් වන ඔර්මිස්ටන් හි පාලනාධිකාරිය විසින් පාසල් කාලය තුළ දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඔර්මිස්ටන් ඇකඩමිය විසින් බීබීසී වෙත පවසා ඇත්තේ, රට පුරා පිහිටි සියලුම රජයේ පාසල් 42ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ෆෝන් භාවිතය තහනම් කරන බවයි.

ඔර්මිස්ටන් හි ප්‍රධාන විධායක ටොම් රීස් ගාඩියන් පවසන පරිදි ස්මාර්ට් ජංගම දුරකථන සිසුන්ගේ ඉගෙනීම සහ යහපැවැත්ම කඩාකප්පල් කර ඇති අතර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සමග ප්‍රබල බලපැමක් ඇති කරන බව පෙන්වා දේ.

මෙම වසර මුලදී, පසුගිය කොන්සර්වේටිව් රජය යටතේ ද එංගලන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එරට පාසල් තුළ ජංගම දුරකථන භාවිතය පිළිබඳව උපදෙස් යාවත්කාලීන කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනු ලබන්නේ.

source :- https://tinyurl.com/36sktrpx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here