හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අද (13) ඇප මත මුදා හැරියා.

ඒ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරු ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මතයි මුදා හරිනු ලැබුවේ.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත එහි මිනිමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා ඇතුලු කණ්ඩායමක් විසින් ව්‍යාපාරිකයෙකු වන විරන්ජිත් තාඹුගලගේ බිරිදගේ මිතුරියකට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසක රැදී සිටියදීයි.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සැලසුම් සහගතව සිදු කළ බවට පොලිසිය ප්‍රකාශ කළ අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගතව සිට යළි පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වී තිබුණා.

source :- https://tinyurl.com/mzw4kye6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here