කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වී 11දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

එම මත්පැන් බෝතලය රැගෙන එන ලද මාමා කෙනෙකු මත්පැන් බෝතලය නිවසේ තබා තිබියදී පාසල් සිසුවා එය හොරෙන් පාසලට රගෙන ගොස් අතර මැද ස්ථානයක සගවා තිබෙනවා.

සවස් කාලයේ උපකාරක පන්තිය හමාර වීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කොට මත්පැන් පානය කොට ඇති බව සඳහන්.

ස්වල්ප වේලාවකදී සිසුන් හතර දෙනාම එක දිගටම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පාර අයිනේ සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

මහපාරේ ගිය එක් පුද්ගලයෙකු එක් සිසුවෙකුව හදුණාගෙන ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එම පියා හා පාරේ ගිය පුද්ගලයා එක්ව සිසුන් හතර දෙනාව රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර පොලීසිය හෙළි කර ගැනීමට උත්සහ කරන්නේ එම මත්පැන් බෝතලය සිසුවා විසින් සගවා තැබු අවස්ථාවේදි ඊට කිසියම් පුද්ගලයෙකු යමක් මිශ්‍ර කොට ඇත්ද එසේත් නොමැති නම් කැනඩාවේ සිට පැමිණි පුද්ගලයා රැගෙන ආ මත්පැන් බෝතලය විෂ සහිත මත්පැන් බෝතලයක්ද යන්න නිශ්චය ලෙස හදුණා ගැනීමටයි.

පොලීසිය මේ වන විට කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර රෝහල් ගත කළ සිසුන් හතර දෙනට මේ වන විට මනා සිහිය ලැබී තිබෙනවා.

source :- t.ly/3rzy1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here