තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.පොලිස් පොතේ සටහනක් යොදා පිටව ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට අවශ්‍යව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු ඉන්නා තැනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැන කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ද දැනගැනීමට ලැබී නොමැති බව පොලිස් මාර්ග සඳහන් කළේය.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු වැඩ තහනමකට ලක් වී පසුව යළි සේවයේ පිහිටුවා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී භාරගෙන සිටියේය.

මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට මාස කිහිපයකට ඉහතදී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

source :- https://tinyurl.com/yz4unhhr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here