අදට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් හෙවත් ඕපන් විසිට් අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර තුළ සිදු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක ප්‍රකාශ කළා.

source :- t.ly/4Ssl0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here