බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

බදුල්ල රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල කියා සිටියේ, අදාළ විනය පරීක්ෂණ සිදු නොකරන ලෙස විෂයභාර අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබියදී දේශපාලන බලපෑම් මත එය තවදුරටත් සිදු කරමින් පවතින බවයි.

source :- https://tinyurl.com/5n8cakrv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here