ආනයනික සිමෙන්ති කිලෝවක් සඳහා දැනට පනවා ඇති සෙස් බද්ද රුපියලකින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අඩුකිරීම සිදුකර ඇති බව සඳහන්. මේ අතර භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාව අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුනක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වන දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතු බවට නීති පනවා තිබුණේ.

source :- https://shorturl.at/QWY7a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here