
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රචිත ශ්‍රී ලංකා සාහිත්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාව්‍ය සංග්‍රහය වන “රාජාලි සංදේශය” එළිදැක්වීම පසුගිය 06 වනදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරණා.
මෙම කාව්‍ය සංග්‍රහය තුළින් එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනු වස් මෙරටේ විරෝධාර රණවිරුවන් විසින් සිදුකල අති බිහිසුණු සංග්‍රාමය සහ පෙර රජ දවස මෙරට ඉතිහාසයේ සිදු වූ තවත් එවැනි ඓතිහාසික සිදුවීම් ද සංසන්දනාත්මකව විමසා බැලෙන අතර කුරිරු යුද්ධයේදී හමුදා නිලධාරියෙකු වශයෙන් ජෙනරල් ගුණරත්න ලැබූ සිය පෞද්ගලික අත්දැකීම් ද එකට කැටි කොට ගනිමින් යුද්ධයේ සැබෑ ස්වරුපය තියුණු පිළිබිඹුවක් ලෙස කාව්යනුසාරයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
කුරිරු ත්රස්තවාදයට එරෙහිව සටන් වැදුණු සියලු රණවිරුවන් වෙත ‘රාජාලි සංදේශය’ උපහාරයක් වන අතර, යුද්ධයට මැදි වූ සිවිල් වැසියන් විඳි අනේක විද දුක් වේදනා පිළිබඳ ශෝකජනක සිහිගැන්වීමක් වනවා.

ජෙනරල් ගුණරත්නගේ යුද බිමේ අත්දැකීම් සහිත මෙම කාව්‍යමය සාහිත්‍ය වෑයම ඔස්සේ, කවියට අව්‍යාජත්වයක් සහ චිත්තවේගීය ගැඹුරක් ගෙන එන අතරම යුද්ධයේ බිහිසුනු බව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා විරුවන් විසින් කරන ලද දැවැන්ත කැපකිරීම් ද මැනවින් ග්‍රහණය කර ගැනීමට පාඨකයන්ට මේ තුළින් ඉඩ සලසා තිබෙනවා.
source :- t.ly/XVrmS







