එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

37 හැවිරිදි ඔහු පවසා ඇත්තේ තව දුරටත් ෆ්‍රන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවටත් ක්‍රිකට් පුහුණු කිරීම උදෙසා පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමටත් අවධානය යොමු කර ඇති බවටයි.

“මම එංගලන්තය වෙනුවෙන් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඊළඟ පරම්පරාවට දැන් කාලය ඇවිත්. ඒක මටත් පැහැදිලියි. වෙලාව හරි කියලා දැනුණා. මම මගේ කොටස කළා.”යනුවෙනු ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

2014 වසරේ ජාත්‍යන්තර මංගල තරගයකින් පසුව, Moeen තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ටෙස්ට් තරඟ 68ක්, ODI තරඟ 138ක් සහ T20I තරඟ 92ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු එංගලන්තය වෙනුවෙන් ලකුණු 6678ක්, ශතක 8ක්, අර්ධ ශතක 28ක් සහ කඩුලු 366ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන්දීය ප්‍රිමිය ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද නියෝජනය කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

source :- t.ly/OOcFQ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here