කුඩා ග්‍රහකයක් අද පෘථිවියට කඩා වැටුණු බව නාසා ආයතනය සඳහන් කරනවා.

නාසා ආයතනයට පවසන්නේ, දළ වශයෙන් මෙම ග්‍රහකය මීටර් 1 (අඩි 3) පමණ වන අතර, එය පිලිපීනයට ඉහළින් ලූසොන් දූපත අසල දැවී ගිය බවයි.

එය ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, වායුගෝලයේදීම දැවී අවසන්ව තිබෙනවා.

2024 RW1 යන නමින් මෙම ග්‍රහකය නම් කර ඇති අතර, මෙය දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව බවයි නාසා විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ මීටර 1ක් පමණ ප්‍රමාණයේ ග්‍රහක සෑම සති දෙකකට වරක් පෘථිවියට කඩා වැටෙන නමුත් ඒවා දක්කනට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි.

source :- https://shorturl.at/OvkQv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here