පියාගේ සිරුරේ ටැටූ නිර්මාණයක් කිරීමට පැමිණි ටැටූ ශිල්පියෙකු වයස අවුරුදු 14ක දියණිය රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බේරුවල බණ්ඩාරවත්තේ පදිංචි දැරියගේ පියා විසින් කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දැරියගේ මව විදේශගතව සිටින බවත් දියණිය පියා සමග වාසය කරන බවත් පොලීසිය ප්‍රකාශ කරයි.

පෙරේදා (02) ඥාති මිත්තනියකට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අතුරුදහන්ව සිටි දියණිය පවසා ඇත්තේ, තමාව රැගෙන ඒම සඳහා මොරටුවට පැමිණෙන ලෙසය.

ඒ අනුව, මොරටුව වෙත ගොස් දියණිය කැටුව ආ මිත්තනිය ඇය පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මොරටුව ,උස්වත්ත ප්‍රදේශයේ පිහිටි ටැටූ ශිල්පියාගේ නිවසේ තමා සිටි බවයි,පොලිසිය කළ ප්‍රශ්නකිරීම්වලදී ඇය ප්‍රකාශ කර ඇත්තේ.

දැරිය මේ වනවිට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වටගෙදරගේ මෙහෙයවීම යටතේ පැවැත්වේ.

source :- https://shorturl.at/zCxM6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here