බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දියේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි බටපොල පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මෙම දරුවාගේ පියා වෙළඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා වෙළෙඳසැලේ සිට තනිව නිවසට ගොස් නැවත පැමිණ නොමැත.

එම නිසා පියා විසින් සොයා බැලීමේදී නිවසේ පිටුපස වගා බිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක ගිලී සිටියදී සොයා ගෙන තිබෙනවා.

පසුව දරුවා ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, බටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

source :- https://shorturl.at/L0pmb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here