
මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව විශේෂ වාර්තාවක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනයද සියයට 5.3කින් පහත වැටී ඇති අතර, කාලගුණ තත්ත්වය ධීවර කටයුතුවලට බාධා ඇති වීම මීට හේතුවක් බවයි පෙන්වාදී ඇත්තේ.
එමෙන්ම මහ බැංකුව නිකුත් කළ කෘෂිකාර්මික දත්තයන්හි දැක්වෙන්නේ, එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව දේශීය සීනි නිෂ්පාදනයද සියයට 33.8 කින්, පොල් නිෂ්පාදනය සියයට බින්දුවයි දශම පහකින් ද පහත වැටී ඇති බවයි.

මේ අතර තේ නිෂ්පාදනය ද සියයට 7.4 කින් සහ පහත වැටී ඇති අතර, දේශීය රබර් නිෂ්පාදනය ද සියයට 27කින් අඩුවී තිබෙන බවයි අදාල වාර්තාවේ සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මෙම නිෂ්පාදන සඳහා ගෝලීය මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
source :- https://shorturl.at/3zaok







