හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ගමන්ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වී තිබුණි.

ඒ, බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.

වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින් තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු මෝටර් රථය ධාවනය කර ඇති අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමත් සමග මොනරාගල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ද ගැටී තිබේ.

ඒ අසලින් ගමන්ගත් රියදුරන් මෝටර් රථයේ සිරවී සිටි පිරිසව කඩිනමින් මුදාගෙන රෝහල්ගත කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here