ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි.

එංගලන්ත ආරම්භක පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසරණ වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුළු තුනම ලකුණු හයක් තුළ දවාගැනීමට ඔවුන් සමත් වුණා.

පන්දුවාර 25ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 80ක් ලබා ගෙන සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here