සාගර, අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ලබන 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බවයි.

මෙම සංචාරයේදී ඇය සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ආර්ථිකය යන ,මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඇය ඉන්දියාවේ සහ මාලදිවයිනේ ද සංචාරය කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here