
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට අවසන් කර තිබෙනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ ද නාමයෝජනා පත්‍රය සඳහා අත්සන් තබා ඇත්තේ අපේක්ෂකයින් 39 දෙනෙක් පමණක් බවයි මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලැබුවේ.
2024 ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.
ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ
සරත් කීර්තිරත්න
ඕෂල හේරත්
ඒ.එස්.පී. ලියනගේ
සජිත් ප්‍රේමදාස
පී.ඩබ්ලිව්. එස්.කේ. බණ්ඩාරනායක
විජයදාස රාජපක්ෂ
කේ.කේ. පියදාස
සිරිතුංග ජයසූරිය
අජන්ත ද සොයිසා
ආනන්ද කුලරත්න
සරත් මනමේන්ද්‍ර
බත්තරමුල්ලේ සීලරතන හිමි
අක්මීමන දයාරතන හිමි
සිරිපාල අමරසිංහ
කේ.ආර්. ක්‍රිෂාන්
සරත් ෆොන්සේකා
අනුර කුමාර දිසානායක
පානි විජේසිරිවර්ධන
ඇන්ටනී වික්ටර් පෙරේරා
මුහම්මද් ඉල්යාස්
එම්.එම්. පේමසිරි
සිඩ්නි ජයරත්න
ටී.එම්. බණ්ඩාරනායක
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
එම්. තිලකරාජා
ජේ.ඩී.කේ. වික්‍රමරත්න
රොෂාන් රණසිංහ
මහින්ද දේවගේ
අනෝජ් ද සිල්වා
පී. ආරියනේත්තිරන්
මොහොමඩ් ඉන්ෆාස්
දිලිත් ජයවීර
නුවන් බෝපගේ
නාමල් රාජපක්ෂ
අනුරුද්ධ පොල්ගම්පොල
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ජනක රත්නායක
ලලිත් ද සිල්වා
සරත් කුමාර ගුණරත්න







