
එළඹෙන ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාර වෙතද ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමි සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව කෙටි පිළිසඳරක ද නිරත විය.







