ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

ඒ සමගි ජන බලවේග නීතිඥ කණ්ඩායමක් විසිනි.

ගාලු මුවදොර අරගල කරුවන් පාර්ලිමේන්තුවට හැරවීමට උත්සාහ කළේ යැයි කරන ප්‍රකාශය හරහා රාජ්‍ය විරෝධය කුමන්ත්‍රණයක ලාල් කාන්ත මහතා ඇතුළු පක්ෂය යෙදුනු බව පැමිණිලිකරුවන් කියා සිටිති.

දණ්ඩ නීති සංග්‍රහයේ හයවෙනි වගන්තිය අනුව ඒ සදහා මරණීය දඬුවම නියම කළ හැකි වරදක් ලාල් කාන්ත මහතා සිදුකර හැකි කර ඇති බවද සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here